ආර්ථික කණ්ඩායම් අතර විවාදයට බිය වී ඇත්තේ නිවැරදි ආර්ථික වැඩපිළිවෙලක් සහ කණ්ඩායමක් නැති බියගුළු පිරිසක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
සක්වළ සුහුරු පන්ති කාමර වැඩසටහනේ 209 අදියර යටතේ හම්බන්තොට වීරකැටිය රාජපක්ෂ විද්‍යාලයට සුහුරු පන්ති කාමරය පරිත්‍යාග කිරීමේ වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
තමා ඇතුළු පිරිස විවාදවලින් පැන නොයන බව කියූ විපක්ෂ නායකවරයා ආර්ථික කණ්ඩායම්වල සහ නායකයන්ගේ විවාද සඳහා එකවර දින තීන්දු කරන ලෙස අවසාන වතාවට ප්‍රකාශ කරන බව කියා සිටියා.