අකුරණ වෙළඳසැලක ගින්නක් : ප්‍රධාන මාර්ගයත් තාවකාලිකව වසා දමයි

අකුරණ නගරයේ අවන්හලක ඇති වූ ගින්නක් හේතුවෙන් මහනුවර – මාතලේ මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා.

ගින්න හේතුවෙන් තවත් වෙළඳසැල් කිහිපයකට ද පැතිර යාම හේතුවෙන් මෙ‌ලෙස මාර්ගය තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

පොලීසිය පැවසුවේ අද (05) අලුයම මෙම ගින්න හටගෙන ඇති බවයි.

ගින්න මැඩපැවැත්වීමට මෙතෙක් හැකිවී නැති අතර අවන්හල තුළ ගෑස් සිලින්ඩර 50ක් පමණ පවතින බවට එහි හිමිකරුවන් ප්‍රකාශ කර ඇති බැවින් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කිරීම අසීරු බව පොලීසිය පවසනවා.

ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles