මෙරට ධීවර යාත්‍රාවක් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට

හලාවත, දික්ඕවිට ධීවර වරායෙන් පසුගිය 12 වැනි දා මුහුදු ගිය “ලොරෙන්සෝ පුතා 04“ නම් බහුදින ධීවර යාත්‍රාව එහි සිටි ධීවරයින් 6 දෙනෙකු සමග සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගෙන ඇති බව ධීවර දෙපාර්තමේන්තුව පවසනවා.

මෙරට මුහුදු සීමාවේ සිට නාවික සැතපුම් 1160ක් දුරින් වූ අරාබි මුහුදේදී එම පැහැර ගැනීම සිදුව ඇති බවයි පැවසෙන්නේ.

මෙම පිරිස මුදාගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනෙමින් තිබෙන බව දෙපාර්තමේන්තු ආරංචි මාර්ග තොරතුරු හෙළි කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles