පොතුවිල් සංගමන්කන්ද ප්රදේශයේ දී වන අලි ප්රහාරයකට ලක්වීමෙන් විදෙස් ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද (15) උදෑසන සංගමන්කන්ද මනචේනි කැලෑබද ප්රදේශයේ දී අදාළ විදෙස් ජාතිකයා වනඅලි ප්රහාරයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
50 හැවිරිදි ඉතාලි ජාතිකයෙකු වන ඔහු එම ප්රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටි අයෙක් බව සඳහන් වුණා.