ඖෂධ ගෙන්වීමේ දී මිලියන 600ක වංචාවක්

ඖෂධ ගෙන්වීමේ ටෙන්ඩරයක දී රුපියල් මිලියන 600 ක් වැඩියෙන් මිල ඉදිරිපත් කළ සමාගමකට එම ටෙන්ඩරය ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කර තිබෙනවා.

ඒ සිරොග්සෝන් නමැති ඖෂධය මෙරටට ගෙන්වීමේ දී තරඟකාරී අනෙකුත් සැපයුම්කරුවන්ට නොදී.

මේ සම්බන්ධයෙන් පාර්ශ්ව රැසක විරෝධය එල්ල වීමත් සමඟ ජනාධිපතිවරයා ද මැදිහත් වී අදාල ටෙන්ඩරය අවලංගු කර තිබෙනවා.

නමුත් එම දැවැන්ත වංචාව වළක්වා ගැනීමට ජනාධිපතිවරයාට ද නොහැකි වු බවයි පැවසෙන්නේ.

පාර්ලිමෙන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කරන ලද අදාල සමාගමටම එම ඖෂධය සැපයීමේ ටෙන්ඩරය ලබා දී තිබෙන බවයි.

ටෙන්ඩරය ලබා දුන් එම සමාගම ඉදිරිපත් කර තිබෙන මිල ගණන් රුපියල් මිලියන 1200 කි.

නමුත් වෙනත් සමාගම් ඉදිරිපත් කර තිබෙන අඩුම මිල ගණන රුපියල් මිලියන 600 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles