ප්‍රංශ ජනපතිවරයෙක් පළමුවරට ලංකාවේ සංචාරයක

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මේ සතිය අගදී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කරනවා.

ඒවාට අනුව ජනාධිපතිවරයා සිකුරාදා (28) රාත්‍රියේ සිට සෙනසුරාදා (29) උදෑසන දක්වා පැපුවා නිව්ගිනියාවේ සිට ශ්‍රී ලංකාව වෙත පැමිණෙනවා.

ප්‍රංශ ජනාධිපතිවරයෙකු ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු අවස්ථාව වන මෙම ඓතිහාසික සංචාරය කලින් ප්‍රකාශයට පත් නොකළ බවයි වාර්තා වන්නේ.

ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් අවසන් වරට ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ ජුනි මස පැවති නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වූ සමුළුවේ රාජ්‍ය නායක සැසියේදී සුහද කතාබහක නිරත වුණා.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධීකරණය කිරීම සඳහා ද්විපාර්ශ්වික ණය හිමියන් අතර සාකච්ඡා සඳහා පොදු වේදිකාවක් ප්‍රකාශයට පත් කළ රටවල් සමූහයේ ප්‍රංශයද සාමාජිකත්වය දරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles