ලිබියාවේ ඩැනියෙල් සුළි කුණාටුව හසුව අතුරුදන් වූ සහ මිය ගිය පිරිස 13000 ක් පමණ වන බවට එරට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා.
ඒ් අනුව නැගෙනහිර ලිබියාවේ ඩර්නා නගරය හරහා පැමිණි ඩැනියෙල් සුළි කුණාටුව මිනිසුන් 3000කට වැඩි පිරිසක් මරණයට පත්කරමින් මිනිසුන් 10000කට වැඩි ප්‍රමාණයක් අතුරුදහන් කර තිබෙන බවයි එරට වාර්තා කරන්නේ.
මෙම කුණාටුව ඇතිව තිබෙන්නේ ඊයේ (11 සඳුදා)ලිබියාවේ ඊසානදිගට ඇද හැලුණ වර්ෂාපතනයත් සමඟයි. ලිබියානු ඉතිහාසයේ කිසි දිනක වාර්තා නොවුන එම වැස්ස නිසා ඇළ වේලි දෙකක් මුළුමනින් ම කඩා වැටීමත් සමඟයි මෙම ඛේදවාචකය තවත් උස්සන්න වී තිබෙන්නේ.
මෙම මරණ සංඛ්‍යාව ඉදිරි දිනවලදී දහස් ගණනකින් ඉහළ යනු ඇතැයි එරට රජය පවසන්නේ.
නැගෙනහිර ඩර්නා නගරයේ පමණක් පුද්ගලයන් 6,000ක් පමණ අතුරුදහන් වී ඇති බවයි ලිබියාවේ නැගෙනහිර පාර්ලිමේන්තුවේ සෞඛ්‍ය අමාත්‍ය ඔත්මන් අබ්දුල්ජලීල් එරට රූපවාහිනියට පවසා තිබෙන්නේ.
ඔහු විසින් ඩර්නා නගරයේ සංචාරය කිරීමෙන් අනතුරුව එම නගරය “අවතාර නගරයක්” බවට සඳහන් කර තිබෙනවා. එසේම මළ සිරුරු තවමත් විවිධ ස්ථානවල රැදී තිබෙන බවත් තවත් මිනිසුන් මුහුදට ගසාගෙන ගොස් තිබෙන බවත් ඔහු පවසනවා.
එසේම නැගෙනහිර ලිබියාව සහ බටහිර ලිබියාව අතර දශකයක් පුරා පවතින බල අරගලය නිසා ජනතාව මුදවා ගැනීමේ කටයුතු අඩාල විය හැකි බවට බියක් එරට රජයට පවතින බවද සඳහන් කර තිබෙනවා.
කොහොම තිබුණ රටක්ද අද මේ වගේ ජරා තත්ත්වයට වැටිලා තියෙන්නේ, අද මිනිස්සුන්ට හිතිලා ඇති ගඩාෆි බල්ලෙක් වගේ පාරේ මරලා දානකන් බලාගෙන හිටියේ ඇයි කියලා, ඒ සාපේ ලිබියාවට වැඳිලා තියෙන්නේ, රටම නන්නත්තාර වෙලා, බෙදිලා වෙන්වෙලා නැතිම වෙලා ගිහින්, බටහිර බලවේගවලට නතුවෙලා ශක්තිමත් නායකයා එළවලා බල්ලෙක් වගේ පාරේ මරලා දැම්මා, මහා ලොකු නිදහසක්, ස්වාධීනත්වයක්, සංහිඳියාවක් හොයන්න ගියා, අන්තිමේ දැන් ලැබිලා තියෙනවා හොඳටම ඒ සේරම, දිට්ඨධම්මවේදනීය කර්ම ඵලදෙනවා කියන්නේ මෙන්න මේවට