ජෙරාඩ් ගැන ඔත්තුවකට පොලිසියෙන් ලක්ෂ 20ක තෑග්ගක්

විශේෂ විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින දෙමටගොඩ පදිංචි ජෙරාඩ් පුෂ්පරාජා ඔස්මන් ජෙරාඩ් නම් අය සම්බන්ධ තොරතුරු ඇත්නම් දැනුම් දෙන ලෙස පොලිස්පතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මෙම සැකකරු පිළිබඳව නිවැරදි තොරතුරක් ලබා දෙන අයෙකුට රුපියල් ලක්ෂ 20 ත්‍යාග මුදලක් ලබා දෙන බව පවසන පොලිසිය තොරතුරු ලබා දෙන්නාගේ රහස්‍යභාවය සුරකින බවද අවධාරණය කරනවා.

මෙම සැකකරු 1978 වර්ෂයේ උපන් අයෙක් බවත් උස අඩි 05 අඟල් 6ක් බවත් වැඩිදුරටත් සඳහන් වෙනවා.

තොරතුරු ලබා දිය යුතු දුරකතන අංක –
0718591753
0718591774

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles