සිය දෙදින ඉන්දියාවේ නිල සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දීය අගමැතිවරයාට ත්‍රිපිඨකයක් තෑගි කර තිබෙනවා.
දෙරට අතර පවතින ගැඹුරු අධ්‍යාත්මික සහ සංස්කෘතික සබඳතාව සංකේතවත් කරමිනුයි ඔහු එය ලබා දී තිබෙන්නේ.
නවදිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේදී අග්‍රාමාත්‍ය මෝදි හමුවීමෙන් අනතුරුව ජනාධිපති වික්‍රමසිංහ විසින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත පාලි ත්‍රිපිටක ග්‍රන්ථයේ ධම්මපද කාණ්ඩයේ පිටපතක් තිළිණයක් සංකේතයක් ලෙස පිළිගන්වනු ලැබුවා.