අනාරක්ෂිත විදුලි පරිහරණය නිසා දැරියකට දිවි අහිමි වෙයි

රෙදි මැසීමේ මෝටරයට සම්බන්ධ වයරයේ පේනුව කපා අනාරක්ෂිත අයුරින් විදුලියට සම්බන්ධ කිරීමට උත්සාහ කළ 17 හැවිරිදි දැරියක් විදුලි සැර වැදී මරුමුවට පත්ව තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ පිළියන්දල, තුම්බෝවිල පදිංචි නිශානි පියුමිකා නම් දැරියක්.

ඇයගේ පියාද මැලේසියාවේ හෝටලයක සේවය කරමින් සිටියදී පසුගිය වසරේ අබිරහස් ලෙස මියගොස් තිබෙනවා. මව රට රැකියාවක් සඳහා පිටත්ව ගොස් ඇති අතර දැරිය සිට ඇත්තේ මිත්තණියගේ භාරයේයි.

කාලයක සිට අක්‍රීයව තිබූ රෙදි මහන මැෂිමේ පේනුව කපා වයර් පාදාගෙන බිත්ති පේනුවේ කෙවෙනියට ඇතුළු කිරීමට උත්සාහ දැරීමේදී ඇයට විදුලිය සැර වැදී තිබෙන බවයි විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ.

විදුලි සැර වැදුණු දැරිය ඉතා ඉක්මනින් රෝහල්ගත කළත් ඒ වනවිටත් ඇය මිය ගොස් සිට ඇති බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත්, මෙලෙස දරුවන්ට අනාරක්ෂිත විදුලි පරිහරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීම අනිවාර්යෙන් කළ යුතු බවයි ආරක්ෂක නිලධාරියෙක් කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles