විදුලියෙන් ක්‍රියා කරන උපකරණයක් භාවිතා කර කොණ්ඩය සකස් කරමින් සිටියදී මියගිය කාන්තාවගේ මරණයට හේතුව විදුලි සැර වැදීමෙන් සිදු වූවක් බවත්, එය හදිසි අනතුරක් බවත් හෙළිවී ඇතැයි කහතුඩුව පොලිසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ පොල්ගස්ඕවිට පදිංචිව සිටි කාංචනා සුභාෂිණී නමැති 30 හැවිරිදි කාන්තාවක්.
එම කාන්තාවගේ මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී චමාලි අබේසේකර මහත්මිය විසින් පවත්වා තිබෙනවා.
අදාළ කාන්තාවට විදුලි සර වැදුණු බව කියන කොණ්ඩය සකස් කිරීමට යොදාගත් උපකරණය පොලිසිය විසින් කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර කහතුඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.