සුව සේවා වැඩවැරුමට එරෙහිව GMOA වෙඩි මුරයක්: මේජර්ලාගේ දීමනා සෙබළු ඉල්ලන්න එපා!

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් නිවේදනයක් නිකුත් කරමින් අද (16) සිදු කරන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩවර්ජනය දැඩි ලෙස හෙළා දැක තිබෙනවා. එම සංගමයේ ප්‍රධාන ලේකම් හරිත අලුත්ගේ විශේෂ ප්‍රකාශයක් කරමින් පවසන්නේ මේජර් ජනරාල් කෙනෙකුගේ දීමනා සෙබළෙකුට නොලැබෙන බව ඔවුන් දැනගත යුතු බවයි.

වෘත්තීය විහිළුවක් නොකර, සාධාරණ ඉල්ලීම් රැගෙන පැමිණෙන ලෙසයි ඔහු වැඩිදුරටත් පවසන්නේ. තමන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් ලෙස රජයේ වැටුප් ප්‍රතිපත්තිය අනුව වෛද්‍යවරුන් වෙත පමණක් විශේෂිත දීමනාවක් වූ රැඳී සිටීමේ බාධා කිරීමේ සහ ප්‍රවාහන දීමනාව (DAT) සෞඛ්‍ය සේවයේ ප්‍රාථමික හා ද්විතියික ශ්‍රේණි විසින් වැඩි කරන්නැයි ඉල්ලා සිටීම අතිශය නරක පූර්වාදර්ශයක් බවයි ඔහු පවසන්නේ.

එම නිවේදනය පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles