බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් ගැන සුබ පණිවිඩයක්

වහාම ක්‍රියාත්මක වන පරිදි බන්ධනාගාර නිලධාරීන්ට රුපියල් 15,000ක දීමනාවක් ලබාදීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් යොමුකරිමට පියවර ගන්නා බව අධිකරණ ,බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසා තිබෙනවා.

අධිකරණ අමාත්‍යංශයේ අද(20) පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පවසා තිබෙනවා.

ඒ අනුව පොලිස් නිලධාරීන්ට ලබාදුන් දීමනාවලට සමගාමීව බන්ධනාගාර නිලධාරීන්ගේ දීමනා වැඩිකිරීමට අමාත්‍යවරයා එකඟතාවය පළකර ඇති අතර එතෙක් රුපියල් 15,000ක දීමනාවක් ලබාදීමට පියවර ගන්නා බවද මෙම සාකච්ඡාවේදි ප්‍රකාශ කර තිබෙනවා.

ඉදිරි සතියේදි ඊට අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට යොමු කරන බව අමාත්‍යවරයා සඳහන් කළ බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී දිසානායක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles