ඉදිරියේදී රටේ ඇතිවන ආර්ථික පරිවර්තනයට අනුගත විය හැකි කාන්තා ව්‍යවසායකයින් බිහිකිරිමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
කොළඹ දී පැවති ‘ප්‍රතිභාභිෂේකා කාන්තා ව්‍යවසායක සම්මාන 2023” උළෙල සහභාගි වෙමින් ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ ඩිජිටල් හා හරිත ආර්ථිකයෙන් කාන්තා ව්‍යවසායකයින්ට පුළුල් වැඩ කොටසක් ඉටුකළ හැකි බවත් කාන්තා ව්‍යාපාරික ප්‍රජාව බල ගැන්වීමට හැකි සෑම සහයක්ම රජය විසින් ලබා දෙන බවත් ඒ වෙනුවෙන් වැඩපිළිවෙළ මේ වන විට රජය සකස් කර ගෙන ඇති බවයි.
ශ්‍රී ලංකා කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය විසින් සංවිධාන කළ මෙම සම්මාන උළෙලේදී විශිෂ්ට ව්‍යාපාරික කාන්තාවන් ඇගයීමට ලක් කෙරුණු අතර ඔවුන්ගේ ව්‍යාපාර වැඩිදියුණු කිරීම මෙන්ම වෙළඳපළ ප්‍රවේශය සැකසීම එහි අරමුණ බවයි සඳහන් වන්නේ.