බුදුරජාණන් වහන්සේගේ “පටි ධාතුව” තැන්පත් කර ඇති ගඩොලින් තනන ලද ලොව විශාලතම ස්ථූපය ලෙස සැලකෙන අනුරාධපුර ජේතවනාරාම ස්ථූපයේ හතරැස් කොටුවේ සිට පහලට සතර දෙසය පිපිරීම් දක්නට ඇති බව වාර්තා වෙනවා.
පුරාවිද්‍යා හා විද්වත් සෘජු මැදිහත්වීමක් ලබා දී තාවකාලික පැලැස්තර විසඳුම් ලබා නොදී ස්ථිරසාර විසඳුමක් මේ සඳහා ලබා දීමට ජනාධිපතිවරයා හෝ මැදිහත් වන ලෙස ජනතාව ඉල්ලීම් කර සිටිනවා.
මේ සම්බන්ධයෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ගාමිණි රණසිංහගෙන් සිදු කල විමසීමක දී ඔහු පවසා සිටියේ මේ සම්බන්ධව සතිපතා නිරන්තර සොයා බැලීම් සහ පිළියම් කරමින් අවශ්‍ය සියලු කටයුතු සිදු කරන බවත් මෙවැනි පිපිරීම් සාමාන්‍යයෙන් සෑම ස්තූපයකම දැකිය හැකි බවයි.
මෙහි පමණක් නොව රුවන්වැලි සෑයේද යම් යම් ඉරි තැලීම් තිබෙන බව සඳහන් කළ මහාචාර්ය ගාමීණී රණසිංහ වසර 2500 ක් පමණ පැරණි ඉතිහාසයක් තුළ මෙවැනි දේ සිදු විය හැකි බව ඔහු පවසනවා.