කුකුල් චමින්ද වීඩියෝ කළ තරුණයාට ලොකු තෑග්ගක්

වැලිඔය පොලිස් වසමේදී කුඩා දැරියකට ම්ලේච්ඡ අන්දමින් පහර දෙන සිද්ධිය වීඩියෝගත කර සමාජ මාධ්‍ය වෙත මුදා හැර තොරතුරු ලබා දුන් තරුණයාට රුපියල් ලක්ෂ 5ක මුදලක් මහජන ආරක්ෂක අමාත්‍යංශය විසින් ත්‍යාගයක් ලෙස ලබා දී තිබෙනවා. ඔහුට අමතරව එකී දැරියට ද රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදල් ත්‍යාගයක් ලබා දී තිබෙන බවයි වාර්තා වන්නේ.

වසර 33කට පසුව ක්ලිෆර්ඩ් කුසලාන රගර් තරඟාවලියේ ශූරතාවය පොලිසිය ජයගැනීමත්, විශිෂ්ඨ ලෙස තම රාජකාරිය ඉටු කළ පොලිස් නිලධාරීන් 459ක් සහ පෞද්ගලික ඔත්තුකරුවන් ඇගැයීමත් හේතු කරගෙන උත්සවයක් ඊයේ (12) මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී පැවැත්වුණා.

එහිදී පොලිස්පති ත්‍යාග අරමුදලින් රුපියල් දෙකෝටි පනස් නව ලක්ෂ හත්දහස් පන්සීයක මුදලක් ත්‍යාග වශයෙන් ලබා දී තිබෙනවා. සංකේතාත්මකව පොලිස් නිලධාරීන් 232 දෙනෙකුට ත්‍යාග මුදල් ලබා දුන් අතර පෞද්ගලික ඔත්තුකරුවන් 16කට ද ත්‍යාග මුදල් පිරනැමුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles