අධිකරණයට අපහාස කිරීමෙ චෙදනාවට සිරගතව සිටින දකුණු පලාත් හිටපු පලාත් සභා මන්ත්‍රී මේජර් අජිත් ප්‍රසන්නගේ සුවදුක් බැලීම සදහා පහුගිය දවස්වල පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරු බොහොමයක් වැලිකඩ බන්ධනාගාරය වෙත ගොස් තිබෙනවා.
යුද්ධ හමුදා ආබාධිත රණවිරුවකු වු අජිත් ප්‍රසන්න වැලිකඩ බන්ධනාගාරයේ මැහුම් පාටියට යොමු කර තිබෙන අතර ඔහුගේ ශරීර සෞඛ්‍ය මේ දිනවල තරමක් දුර්වල මට්ටමක පවතින බවද වාර්තා වෙනවා.
ඔහුගේ සමකාලීන මිතුරෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් සුදර්ශන දෙනිපිටිය හමුවේ ඔහු මේ බව සඳහන් කර ඇති අතර ඔහු මේ දිනවල තමන්ගේ සගයා කෙසේ හෝ නිදහස් කර ගැනීම සදහා විශාල වෙහෙස මහන්සියක් ගෙන ක්‍රියා කරන බව සඳහන්.
පසුගිය දිනවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල,සරත් වීරසේකර,කනක හේරත්,රෝහිත අබේගුණවර්ධන,මහින්දානන්ද අලුත්ගමගේ,සම්පත් අතුකෝරල,මොහාන් සිල්වා සහ රමේෂ් පතිරණ ඇතුළු පිරිසක් ද මේජර් අජිත් ප්‍රසන්නගේ සුව දුක් බැලීමට ගොස් තිබෙනවා.