එන්නතක් විස වී පාසල් සිසුන් පිරිසකට අසාධ්‍යයි

පාසල් දරුවන් පිරිසකට මිහින්තලේ රෝහලෙන් ලබාදුන් එන්නතක් හේතුවෙන් සිසුන් එකළොස් දෙනකු ආසාධ්‍ය තත්වයට පත්ව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇතැයි වාර්තා වෙනවා.

මෙසේ එන්නත ලබා ගැනිමෙන් අසාධ්‍ය තත්වයට පත්ව ඇත්තේ මිහින්තලේ අවට ප්‍රදේශවල පදිංචි වයස අවුරැදු 06 ත් 13 ත් අතර වියේ පසුවන වියේ පාසල් දරුවන් 11 දෙනෙක්.

මෙම සිසුන් අද (15) සෙම් රෝගය හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනිම සඳහා මිහින්තලය රෝහලට ගිය අවස්ථාවේදි එහිදි ලබාදුන් එන්නතක් විසවීමෙන් ඔවුන් ආසාධ්‍ය තත්වයට පත් වී ඇති බවයි රෝහල් ආරංචි මාර්ග කියා සිටින්නේ.

එම සිසුන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබෙනවා.

මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් උතුරු මැද පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයාගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් ආරම්භ කොට ඇති බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles