සෙනසුරාදා දිනයේ බෙලරුස් සිට පෝලන්තයට නීතිවිරෝධී ලෙස ඇතුළුවීමට උත්සාහ කළ පිරිස අතර ශ්‍රී ලාංකිකයන්ද සිටින බව පෝලන්ත බලධාරීන් පවසනවා. මෙලෙස පෝලන්ත දේශසීමාවේදී 160 දෙනෙක් දේශසීමා ආරක්ෂකයන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
සෝමාලියාව, ඊජිප්තුව, ඉතියෝපියාව යන රටවලට අනෙක් පිරිස අයත් වන බව පෝලන්ත මාධ්‍ය වාර්තා කළා. සිරියානු සහ බංග්ලාදේශ ජාතිකයන්ට පෝලන්තයට යාමට උපකාර කළ යුක්රේන ජාතිකයන් තිදෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2023 වසරේ මේ දක්වා නීතිවිරෝධී ලෙස පෝලන්තයට ඇතුළු වීමට උත්සාහ කල 500කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන රඳවා ගෙන ඇති බව පෝලන්ත බලධාරීන් ප්‍රකාශ කළා.