පාසල් දරුවන්ද ඇතුළත් සොර මුලක් අත්අඩංගුවට

මුහුණු ආවරණය කර අත් ආවරණ පැළඳ නිවාස බිඳ සොරකමේ යන බාලවයස්කාර කල්ලියක සාමාජිකයන් තිදෙනකු කහතූඩුව පොලිස් අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසනවා.

සැකකරුවන් කහතුඩුව අවට පදිංචි වයස අවුරුදු 13 ත් 18 ත් අතර පසුවන අතර පාසල් යන දරුවන් ද සිටින බවත් පොලීසිය සඳහන් කරන්නේ.

නිවෙස්වලින් සොරාගත් ලැප්ටොප් පරිගණක, පිත්තල භාණ්ඩ, ජංගම දුරකතන ඇතුලු දේපල සොරා ගෙන ඇති අතර එම භාණ්ඩ තවත් එම වයසේම ළමයින් හරහා අලෙවිකර තිබියදී පොලිස් භාරයට ගැනීමට හැකිවී ඇතැයිද පොලිසිය කියා සිටිනවා.

මෙම කල්ලිය දිගු කලක සිට මෙම සොරකම්වල නියුතූව සිටින බවටත් ඒ අනුව දේපල ලඟ තබාගන සිටි අයත් පොලිස් භාරයට ගෙන දීර්ඝ වශයෙන් ප්‍රශ්න කරගන යනු ලබන බවත් පොලීසිය සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles