CID එකට පහර දී හරක් කටා බේරගන්න ගරිල්ලා මෙහෙයුමක්!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත රඳවා සිටින නඳුන් චින්තක හෙවත් හරක් කටා සහ සලිඳු මල්ෂික නොහොත් පානදුරේ කුඩු සලිඳු නැමැති අපරාධ සැකකරුවන් එයින් මුදා ගැනීම සඳහා එම දෙපාර්තමේන්තුවට ප්‍රහාර මාලාවක් එල්ල කිරීමේ සැලැස්මක් පිළිබඳව බුද්ධි අංශවලට තොරතුරු අනාවරණයවී ඇතැයි ඒ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයාට ඊයේ(24) කරුණු වාර්තා කරනු ලැබුවා.

කොමාන්ඩෝ නිල ඇඳුමින් සැරසුණු පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇතුළුවී රසායනික අවි ප්‍රහාරයක් සිදුකර ඔවුන් රැගෙන පළා යෑම මෙම සැලසුමේ අරමුණ බවද එම දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත්වරයාට කරුණු වාර්තා කර තිබෙනවා.

මෙම ප්‍රහාරය සැලසුම් කළ හිටපු කොමාන්ඩෝ සාමාජිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවයි කියැවෙන්නේ. මේ තොරතුරු හෙළිව ඇත්තේ ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී යි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව දැඩි කිරීමට තීරණය කර ඇති බව පොලිස් ආරංචිමාර්ග පවසනවා.

මෙයට පෙර නඳුන් චින්තක භාරව සිටින නිලධාරීන්ට මත් බෙහෙත් ලබා දී ඔහු මුදාගෙන යෑමේ සැලැස්මක්ද උත්සාහ කළ අතර එය ද ව්‍යර්ථ කර දැමුණා. එම සැලැස්මේ මහමොළකරුවෙකු වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු තවමත් සිටින්නේ අතුරුදහන්වයි. ඔහු සොයා දෙන්නෙකුට රුපියල් ලක්ෂ 25ක ත්‍යාගයක්ද පොලිස් දෙපාර්තමේන්තුව වෙන කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles