හමාස් නායකයෙක් මරුට

පලස්තීන බටහිර ඉවුරේ හමාස් නායකයා ලෙස කටයුතු කළ මුස්ටාෆා මුහම්මද් අබූ අරා ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරන්නේ ඔහු ඊශ්‍රායල් හමුදා භාරයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි.

දකුණු ඊශ්‍රායලයේ සිර කඳවුරක රඳවා සිටි මුස්ටාෆාට ඔහුගේ රෝගී තත්ත්වය සඳහා නිසි ප්‍රතිකාර ලබා දීමට ඊශ්‍රායල ආරක්ෂක අංශ කටයුතු කර නොමැති බවයි පලස්තීන බලධාරීන් චෝදනා කරන්නේ.

ඔක්තෝබර් 07 වෙනිදා ඊශ්‍රායල ඉලක්කර හමාස් සාමාජිකයින් එල්ලකළ ප්‍රහාරයෙන් අනතුරුව මුස්ටාෆා ව අත්අඩංගුවට ගැනුණා.

පසුගිය මාස 10 තුළ පලස්තීන ජාතිකයින් 18 දෙනෙක් ඊශ්‍රායල හමුදා භාරයේ සිටියදී මරණයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles