හෙට (12) සෞඛ්‍ය වෘත්තීය ක්‍රියාමාර්ගයක්

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය විසින් දිවයින පුරා තෝරාගත් රෝහල් ඉදිරිපිට හෙට ( 12) දහවල් 12 සිට 2 දක්වා වෘත්තිය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව රජයේ විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම සඳහන් කරනවා.

ඒ සෞඛ්‍ය කාර්‍ය මණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටුකිරීම ප්‍රමාද වීම සහ රෝහල් සේවාව පවත්වාගෙන යාමේදී එයට බාධාකරන සෞඛ්‍ය පරිපාලකයන්ට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර නොගැනීමට විරෝධය පාමින්.

දිවයින පුරා තෝරාගත් රෝහල් ඉදිරිපිට මාර්තු 12 වෙනිදා දහවල් 12 සිට 2 දක්වා උද්ඝෝෂණ පැවැත්වීමට තීරණය කර ඇති අතර
දීමනාව අනුමත කිරීම තවදුරටත් ප්‍රමාද වන්නේ නම් 19 වෙනිදා සිට නැවත නතර කර තිබෙන වර්ජන ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කර ඇති බවත් ඔහු පවසනවා.

ඒ අනුව වෘත්තිය ක්‍රියාමාර්ගයක් දියත් කරන රෝහල් වන්නේ 1 ශ්‍රී ලංකා ජාතික රෝහල කොළඹ ,2 ශ්‍රී ලංකා ජාතික රෝහල මහනුවර ,3 කළුතර ශික්ෂණ රෝහල, 4 කරාපිටිය ශික්ෂණ රෝහල ,5 අනුරාධපුර ශික්ෂණ රෝහල ,6 අම්පාර ශික්ෂණ රෝහල ,7 රත්නපුර ශික්ෂණ රෝහල ,8.දෙහිඅත්තකණ්ඩිය මුලික රෝහල ,9.පොලොන්නරුව ශික්ෂණ රෝහල ,10.කන්තලේ මුලික රෝහල ,11 ඇඹිලිපිටිය මුලික රෝහල ,12 මුලික රෝහල හලාවත ,13 ශික්ෂණ රෝහල නුවරඑළිය ,14 ශික්ෂණ රෝහල ගම්පොළ ,15 නුවරඑළිය මහ රෝහල ,16. මොනරාගල දිස්ත්‍රික් මහ රෝහල ,17. බදුල්ල පලාත් මහ රෝහලයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles