ළමා නිවාසයකින් හද සසළ වෙන කතාවක්

පොලුවලින් පහරදී, කල්මුණේ ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයක රඳවා සිටි 17 හැවිරිදි පිරිමි දරුවකුට පහර දී ඝාතනය කළේ යැයි කියන එම ළමා නිවාසයේ 28 හැවිරිදි වියේ පසු වන පාලිකාව සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ ඝාතනය කර ඇත්තේ මඩකලපුව කොක්අඩිචෝලේ ප්‍රදේශයේ පදිංචි ඒ.ටී දර්ශන නැමැති දරුවෙක්.

හොරකමක් සිදු කළේ යැ යි සැකපිට අත්අඩංගුවට ගෙන මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා දී තිබු නියෝගයක් අනුව මෙම ළමයා කල්මුණේ පිහිටි මෙම ළමා නිවාසයේ රඳවා තබා තිබෙන බවයි පැවසෙන්නේ.

මුරණ්ඩුකම් මට්ටු කිරීමටයැයි කියා පොලුවලින් පහර දී තිබෙන බව පරීක්ෂණවලින් හෙළි වී කල්මුණේ පොලිසිය සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles