පොළොන්නරුව ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ හඳපාන්විල විල්ලුවේ, ඕඩේ ඇල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක තිබී මීට දින කිහිපයකට ඉහත දී මිය ගිය වන අලින්ගේ සිරුරු හතක් වනජීවී නිලධාරීන් විසින් ඊයේ ( 26 ) සොයාගෙන තිබෙනවා.
මියගිය මෙම වන අලින්ගෙන් අවුරුදු 8, 9,10 යන වයසේ අලි පැටවුන් පස් දෙනෙකු සහ අවුරුදු 30,35 පමණ වයසේ පසුවන වන දෙදෙනකුගේ සිරුරු ඒ අතර වන බව ඔවුන් කියා සිටිනවා.
හඳපාන්විල විල්ලුවේ ඕඩේ ඇල ප්‍රදේශයේ කිලෝ මීටර් ගණනාවක් දිගට ජපන් ජබර ඇතුළු විවිධ ශාක පැළෑටි පිරී පවතින බවත් ඕඩේ ඇලේ ස්ථාන කිහිපයකින් හමුවූ එම අලි හත් දෙනාගේ සිරුරු නරක් වී ඇති බවත් පරීක්ෂණ සිදු කරන වනජීවි නිලධාරීන් සඳහන් කරනවා.
පසුගිය දින කිහිපය පුරා ප්‍රදේශයට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හඳපාන්විල විල්ලුව පිටාර ගල, ඕඩේ ඇළ හරහා මහවැලි ගඟට ජලය ගලා ගොස් ඇති අතර, ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ සැරිසරන වන අලි රංචුවක් ඕඩේ ඇළ හරහා මාරුවීමට යෑමේදී ජලයේ සැඩපහරට ගසාගෙන ගොස් ජපන් ජබර සහ පාසි තුළ එම අලි පැටවුන් සහ වන අලින් සිර වි මිය යන්නට ඇති බවට සැක කරන බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටින්නේ.