තුර්කි අධිවේගයක බිහිසුණු අනතුරක්

තුර්කියේ අධිවේගී මාර්ගයක සිදුවූ අනතුරකින් පුද්ගලයින් 10 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දකුණු දිග තුර්කියේ මර්සින් ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක මෙම අනතුර සිදුව තිබෙනවා.

අයපත් කාලගුණික තත්ත්වයත් සමග බස් රථයක් ප්‍රතිවිරුද්ධ මංතීරුවට ලිස්සා ගොස් කාර් රථ දෙකක ගැටී ඇති අතර අනතුරුව ලොරි රථයක් එම රථ තුනෙහිම වැදී මෙම අනතුර සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

මෙම අනතුරින් තවත් පුද්ගලයින් 39කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles