හොර දොස්තරලා ගැන දැනුම් දෙන්න ක්ෂණික අංකයක්

රටපුරා ව්‍යාජ වෛද්‍යවරු 40,000ක් පමණ සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනාවරණය කරනවා.

එවැනි සමහර පුද්ගලයින් ජනතාවට විවිධ මත් පෙති වර්ගද අලෙවි කරන බව දැනගන්නට ඇතැයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කරනවා.

එවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු ක්ෂණික දුරකථන අංකය වන 1907ට ලබාදෙන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියා.

එම ව්‍යාජ වෛද්‍යවරුන් අතර වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් කිසිදු දැනුමක් නොමැති පුද්ගලයින් රැසක් ද සිටින බව වෛද්‍ය විජේසිංහ වැඩිදුරටත් පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles