ජාජබ රජයකින් මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසියි: හඳුන්නෙත්ති

තම රජයක් යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරන බව ජාති ජන බලවේගය පක්ෂයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති පවසනවා.

එසේ ම නාස්තිය දූෂණය වැලැක්වීමට පියවර ගන්නවා සේ ම ජනතාවගෙන් සොරකම් කළ ධනය නැවත අත්පත් කරගන්නා බවයි ඔහු පවසන්නේ.

ඒ සඳහා නව නීති ගෙන එමින් හෝ කටයුතු කරන බව පවසන හඳුන්නෙත්ති, මේ වන විට නොගෙවූ බදු ට්‍රිලියනයද ඉක්මවා ඇති බව අවධාරණය කරනවා.

අනුරාධපුර තඹුත්තේගම නගරයේ ව්‍යාපාරික ප්‍රජාව අමතමින් පසුගිය (9) දා ඔහු මේ කරුණු කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles