ගෘහ සේවයට ගිය ක්‍රීඩා ශූරියට එමිරේට්ස් ක්‍රීඩා රැකියාවක්?

මෙරට රිටි පැනීමේ ශූරියක්ව සිට දැනට ගෘහ සේවිකාවක් ලෙස කටයුතු කරන සචිනි පෙරේරා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘ද නැෂනල්’ පුවත්පතට සම්මුඛ වී තිබෙනවා.

එහි දී ඇය සඳහන් කරන්නේ රැකියාවෙන් ගෘහ සේවිකාවක් වුවත් සිතින් ඇය ජිම්නාස්ටික් සහ මලල ක්‍රීඩිකාවක් බවයි.

තම මවගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා මුදල් සොයා ගැනීමට ඩුබායි හි ගෘහ සේවයට පැමිණියත් තමාගේ එකම සිහිනය ජාත්‍යන්තර
තරඟයකදී රිටි පැනීමේ ඉසව්වෙන් පදක්කමක් දිනා ගැනීම බවත් ඇය ද නැෂනල් පුවත්පතට පවසා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ඇති වූ ආර්ථික අර්බුදය හමුවේ දිගු කාලීන රැකවරණයක් අවශ්‍ය වූ සචිනි පෙරේරා ඇගේ මව රැකබලා ගැනීම සඳහා මුදල් සොයාගත නොහැකි වීම හේතුවෙන් ඇයගේ සිහින අමතක කර දමා ඇය ඩුබායි හි ගෘහ සේවයට පැමිණියත් රන් පදක්කමක් ලබා ගැනීමේ සිහිනය අමතක කරා දමා නැතැයි ද එම පුවත්පතට සඳහන් කරනවා.

රිටි පැනීමේ ඉසව්වෙන් ජාතික වාර්තා පිහිටවූ වයස අවුරුදු 24 ක් වූ සචිනි පෙරේරා දවල් කාලයේදී කුඩා දරුවන් රැක බලා ගත්ත ද ශ්‍රී ලංකාවේ පුහුණුකරු ලබා දී තිබෙන ව්‍යායාම කාල සටහන පිළිපැදීම අකුරටම සිදු කරන බවයි සඳහන් කරන්නේ. ඒ සඳහා තමා සේවය කරන නිවසින්ද විශාල සහයක් ලබා දෙන බව ද ඇය කියා සිටිනවා.

පියවරෙන් පියවර තමන් නැවතත් ඉදිරියට යාමට සූදානම් බවත් කෙදිනක හෝ තම සිහිනය ඉටු කර ගන්නා බවත් සචිනි පෙරේරා දැඩි අධිෂ්ඨානයකින් ද නැෂනල් පුවත්පතට සඳහන් කර තිබෙනවා.

කෙසේ නමුත් ඩුබායි හි කොන්සොල් ජනරාල් ඇලෙක්සි ගුණසේකර පවසා ඇත්තේ සචිනි පෙරේරා සඳහා එමිරේට්ස් හි ක්‍රීඩා අංශයේ රැකියාවක් සොයා දීමට උත්සාහ කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles