ජවිපෙ මන්ත්‍රීවරයෙක් මරුට

වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු දියේ ගිලී මියගොස් සිටියදී අද (25) හමුව ඇති බව වැලිපැන්න පොලිසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ වලල්ලාවිට බෝපිටිය ප්‍රදේශයේ අයි. ඒ. වීරසිරි නමැති 70 හැවිරිදි අයෙක්.

මියගොස් ඇති අය වැලිපැන්න ඌරගොඩ ප්‍රදේශයේ නිවසකට ගොස් සිටියදී අනතුරට ලක්ව ඇති බවත්, ඔහු අතුරුදන් බවට ඊයේ පැමිණිල්ලක් ලැබී තිබු බවත් පොලිසිය පවසනවා.

පොලිසිය වැඩිදුරටත් මේ පිළිබඳව පරීක්ෂණ පවත්වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles