උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (4) හෝ හෙට (5) නිකුත් කරන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඊයේ (3) ප්‍රකාශ කළා.
මෙම විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 278,196 ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 53,513 ක් පෙනී සිටියා. ගුරුවරුන් 20,000කින් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 1100කින් සමන්විත කාර්ය මණ්ඩලයක් විසින් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සිදු කරනු ලැබුවා.
පසුගිය වසරේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම විභාගය මේ වසරේ ජනවාරි 23 වැනිදා සිට පෙබරවාරි 17 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 2200කදී පැවැත්වූවා.