හල්දුම්මුල්ල පූනාගල ගල්බොක්ක ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වී ඇති බැවින් එහි පදිංචි පවුල් 49 ක පුද්ගලයන් 202 දෙනකු ආරක්ෂිතව ඉවත් කළ බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම්වරිය පවසනවා.
තේ වත්තක් ආශ්‍රිතව බෑවුම් සහිත ඉඩමක නායයාම සක්‍රිය වී ඇති අතර ඊට පහළින් පිහිටි නිවාස පේළියක පදිංචිව සිටි පිරිස් මෙසේ ඉවත් කර තිබෙනවා. ඔවුන් පදිංචි නිවෙස්ද ඉරිතලා ඇතැයි පැවසුණා.
ඉවත් කළ පවුල් පුනාගල අංක දෙක දෙමළ විදුහලේ සහ ගල් බොක්ක දිවා සුරකුම් මධ්‍යස්ථානයේත් ඥාති නිවෙස්වලත් රඳවා ඇති බවත් ඔවුන්ට අවශ්‍ය වියළි සලාක ලබා දීමට සැලසුම් කර ඇති බවත් හල්දුම්මුල්ල ආපදා සහන සේවා නිලධාරී ජී. අයි. පුෂ්පකුමාර පවසනවා.
මේ අතර කොස්ලන්ද නාවුල්ල ප්‍රදේශයේ දී ද ඊයේ සිදුවූ නායයාමක් හේතුවෙන් පවුල් හතරක පුද්ගලයින් 16 දෙනෙකු ඉවත් කළ බව ප්‍රාදේශීය ලේකම්වරිය තවදුරටත් පැවසුවා.