නාය යෑමකින් හල්දුම්මුල්ලේ ගමක් ම නොපෙනී යයි

හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කැලිපනාවල අස්වැද්දුමකන්ද විශාල ප්‍රදේශයක් නාය ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් ගමම නොපෙනී යටවී ගිය බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් පූර්ව නායයෑම් ලකුණු නිරීක්ෂණයෙන් අනතුරුව එහි පදිංචිව සිටි පවුල් 25ක පුද්ගලයන් 97 දෙනෙකු ඉවත් කරගත් නිසා එම ජීවිත බේරී තිබෙනවා. අද උදෑසන වෙත්දී ගෙවල්වල තිබු බඩු බාහිරාදියද ඉවත් කරගත් බැවින් හානිය අවම වූ බවයි එහි ප්‍රාදේශීය ලේකම්වරිය ඒ.කේ.ජේ. ප්‍රියංගිකා පවසන්නේ.

මෙම නායයෑමෙන් අක්කර 30ක පමණ ප්‍රමාණයක් යටවී ගොස් තිබුණේ කුඹුරු යායක්ද සමගයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles