ප්‍රාදේශීය ලේකම්වරියගෙන් බිලියනයක් වන්දි ඉල්ලා නඩු පවරනවා: ඇමැති අනුරාධ

උඩපළාත ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි ජයරත්න තමන් වෙත අපහාස කිරීම නිසා ඇගෙන් බිලියනයක වන්දියක් ඉල්ලා නඩු පවරන බව අධිකරණ සහ බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න පවසනවා.

පාර්ලිමේන්තු වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ සම්බන්ධ කරුණු පැහැදිලි කරනු ලැබුවා.

මෙම ප්‍රා.ලේකම්වරියගේ සැමියා මහනුවර නගර සභාවේ දේශපාලන පක්ෂයක ප්‍රබල ක්‍රියාකාරිකයෙකු බව පවසන ඇමැතිවරයා සිය සැමියාගේ අවශ්‍යතාව මත තමාට මෙසේ මඩ ගසන බව කියා සිටියා.

තමන්ට හෝ තම පවුලේ කිසිම අයෙකුට අයත් නැති ගොඩනැගිල්ලක තමාගේ නම සඳහන් කරමින් නෙරපීමේ දැන්වීමක් අලවා ඇති බව ද ඔහු වැඩිදුරටත් කියා සිටිනවා.

2 COMMENTS

  1. ☝️ අපි නොදන්න අනුරාධ 😡🤮 දියහැලිය රත්වනකම් නටන කකුළුවා වගේ වතුර නටනකම් කරනම් ගහපන් කකුළුවෝ.😡🤮

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles