නීතිඥවරයකුගේ නීතිඥභාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.
ඒ අසත්‍ය ඔප්පුවක් සකස් කිරීම තුළින් නොතාරිස් ආඥා පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා එල්ලවී සිටි නීතිඥවරයකු වරදකරු කරමින්.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එස්.තුරයි රාජා සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දී තිබෙනවා.
මධ්‍යම පළාත් බද මහාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුවයි මෙම නීතිඥවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුව විභාග වී තිබෙන්නේ.
මෙම නීතිඥවරයා 1999 වසරේ පෙබරවාරි මස 05 වනදා ව්‍යාජ ඔප්පුවක් සකස් කිරීම සිදු කර ඇති අතර එම වරදයි ඔප්පු වී තිබෙන්නේ.