සැමියාට ඇප අරන් දෙන්න බිරිඳගෙන් 20000ක් ගත් සැරයන්ට පාඩමක්

හෙරොයින් මිලිග්‍රෑම් 2140ක් සමග පසුගිය දා පමුණුගම පොලිස් අත්අඩංගුවට පත් වූ සැකකරුවෙකුගේ ඇප අයදුම්පතේ කටයුතු කඩිනම් කිරීමට යැයි කියා සැකකරුගේ බිරිඳගෙන් රුපියල් 20000ක අල්ලසක් ගත් සිද්ධියක් සම්බන්ධයෙන් එම පොලිසියේ සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

මෙසේ අල්ලස් ඉල්ලූ අවස්ථාවේදී අදාළ කාන්තාව විසින් උසස් පොලිස් නිලධාරීන් වෙත පැමිණිලි කර තිබෙනවා.

පසුව විමර්ශන පවත්වා අදාළ වැඩතහනම් කිරීම සිදු කර ඇති අතර මීගමුව කොට්ඨාසය භාර පොලිස් අධිකාරී එරික් පෙරේරාගේ උපදෙස් පරිදි විමර්ශන ක්‍රියාත්මක වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles