ආර්ථික විවාදයට දින ඉල්ලා සජබයෙන් ලිපියක්

සමගි ජන බලවේගය යෝජනා කළ දිනවලින් ආර්ථික කමිටු විවාදයට ලබාදෙන දින පිළිබඳව කඩිනමින් දැනුම් දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජාතික ජන බලවේගයෙන් ඉල්ලිමක් කර තිබෙනවා.

ජාතික ජන බලවේගයේ විධායක සභික නලින්ද ජයතිස්ස වෙත ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීම කර ඇති බවයි වාර්තා වන්නේ.

ආර්ථික කමිටු විවාදයට ඇරයුම් කර තිබිය දී එයට ඉදිරිපත් නොවී නායකත්ව විවාදයට කළ යෝජනාව කිසිදු පැකිලීමකින් තොරව සිය පක්ෂය පිළිගෙන ඇති බව නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා සිය ලිපිය මඟින් දැනුම් දී තිබෙනවා.

විවාද දෙක අතරින් ආර්ථික විවාදය පළමුව පැවැත්වීමත් දෙවනුව නායකත්ව විවාදය පැවැත්වීමත් පිළිබඳ සිය ස්ථාවරය එලෙසම පවතින අතර ආර්ථික කමිටු විවාදයට ලබාදෙන දිනය නොපමාව දැනුම් දෙන ලෙස අදාළ ලිපියේ සඳහන්.

කෙසේවෙතත් ජාතික ජන බලවේගයේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති පවසන්නේ අදාළ විවාද සම්බන්ධයෙන් සිය පක්ෂයේ ස්ථාවරයේ ද කිසිදු වෙනසක් නොමැති බවය.

පළමුව නායකත්ව විවාදය පවත්වා අනතුරුව ආර්ථික කමිටු විවාදය පැවැත්විය යුතු බව ඔහු කියා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles