සිදුවුණ දේට කණගාටුයි, හැබැයි මෙහෙමයි: සනත් නිශාන්ත

තමාට සති දෙකක කාලයක් සඳහා පාර්ලිමේන්තු රැස්වීම් සඳහා තහනමක් පැනවීම සම්බන්ධයෙන් පැහැදිලි කරන ලිපියක් පුත්තලම් දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත විසින් කතානායකවරයාට යොමු කර තිබෙනවා.

උක්ත සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සභාගර්භයේදී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් තමාගේ කණගාටුව පළ කරන බවයි එහි සඳහන් වන්නේ.

මෙම තත්වය සිදුවීමට අදාළ හේතු ද ඔහු දක්වා තිබෙනවා.

විපක්ෂ නායකවරයා විසින් ස්ථාවර නියෝගවලට පටහැනිව කටයුතු කිරීම, මහන්ද රාජපක්ෂ හිටපු ජනපතිට ස්ථාවර නියෝගවලට පටහැණිව අපහාස කිරීම
සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු ජංගම දුරකතන මගින් වීඩියෝගත කිරීම ආදී හේතු නිසා අදාළ තත්වය උද්ගත වූ බවයි මන්ත්‍රීවරයාගේ ලිපියේ දැක්වෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles