අද (28) සිට දෛනිකව විදෙස් ගමන් බලපත්‍ර 1,000 බැගින් නිකුත් කිරීමට පියවර ගන්නා බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේ වෙතත් විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමේ අපේක්ෂාවෙන් බත්තරමුල්ල ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය අසළ පිරිස් රැඳී සිටින්නේ දින ගණනාවක සිටයි.
ඒ අතරින් බොහෝදෙනා ඊයේ රාත්රියද එම ස්ථානයේම පහන් කළ බව සඳහන්.
ඒ හේතුවෙන් දින ගණනාවක මෙලෙස රැඳී සිටින පිරිස් වෙත ටෝකන් පත් ලබාදීමට පියවර ගැනුණා.
ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු හිස් විදෙස් ගමන් බලපත්‍ර සීමිත බැවින් බලපත්‍ර නිකුත් කිරීම සීමා කිරීමත් සමඟ ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට මෙලෙස පෝලිම් නිර්මාණය වුණා.
නව ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍රය හඳුන්වාදෙන තෙක් අත්‍යාවශ්‍යම හේතුවක් මත පමණක් විදේශ ගමන් බලපත්‍ර අයදුම් කරන ලෙස දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලීමක් කරනු ලැබුවේ එවන් පසුබිමකයි.
ඔක්තෝබර් මාසයේ ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍රය හඳුන්වාදෙන තෙක් එම තත්ත්වය පවතිනු ඇති බවයි ආගමන විගමන දෙපාර්තමේන්තතුව දැනුම් දෙන්නේ.
කෙසේවෙතත්, එම ඉල්ලීම් නොතකමින් අද පෙරවරුවේත් තවත් පිරිස් එම ස්ථානයට පැමිණ සිටි බවයි වාර්තා වන්නේ.