රියැදුරෙකු නොමැතිව ධාවනය වූ ලොරි රථයක් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ ගේ නිවසට කඩා වැදී ඇති බව වාර්තා වෙනවා.
ඊයේ (11) රාත්‍රි 8.00ට පමණ රියැදුරෙකු නොමැතිව ධාවනය වූ ලොරි රථයක් මන්ත්‍රීවරයාගේ නිවසට කඩා වැදී ඇති අතර ඒ හේතුවෙන් මන්ත්‍රීවරයාගේ නිවසට හානි සිදු වී තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේ මන්ත්‍රීවරයා නිවසේ නොසිටි අතර ඊට විනාඩි කිහිපයකට පෙර රාජකාරී කටයුත්තට කොළඹ බලා පිටව ගොස් තිබුණා. මෙම ලොරි රථය එම නිවසට ඉහළින් ඇති මාර්ගයේ නතර කර තිබියදී එක වරම පහළට ධාවනය වී ඇති බවයි සඳහන් වන්නේ.