මත්කුඩු තොගයක් අද වනාතවිල්ලුවේදී වැනසෙයි!

පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය කිලෝ 450 කට අධික තොගයක් විනාශ කිරීම අද (18) පස්වරු 5.00 ට පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේදී සිදු කෙරෙනවා.

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් වනාතවිල්ලුව ලැක්ටෝස් වත්ත ප්‍රදේශයේ අලුතින් ඉදිකළ අධිබලැති නව දහන උදුනක් මගින් මෙම මත්ද්‍රව්‍ය තොගය විනාශ කරනු ලබනවා.

පොලිසිය, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය, පොලිස් විශේෂ කාර්ය බළකාය, නාවික හමුදාව, යුද හමුදාව ඇතුළු ආරක්ෂ අංශ විසින් පසුගිය කාලවකවානුවේ මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ අනුව දැනට නඩු කටයුතු අවසන් කර ඇති මත්ද්‍රව්‍ය තොගයක් මෙසේ විනාශ කෙරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ගේ ප්‍රධානත්වයෙන් මෙම මත්ද්‍රව්‍ය තොගය විනාශ කිරීම සිදුකරන බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles