මෙරට ISIS සැකකරුවන් ගැන තොරතුරු රැසක් හෙළි වෙයි

ඉන්දියාවේදී පෙරේදා (20) අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ISIS යැයි කියන සැකකරුවන් හතරදෙනා හඳුනාගෙන විමර්ශනයක් ආරම්භ කර ඇතැයි මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

ඉන්දියාවේ අහ්මදාබාද් ගුවන්තොටුපළේදි අත්අඩංගුවට ගත් ISIS සංවිධානයට සම්බන්ධ බව කියන ලාංකිකයින් සිව්දෙනා එරට තුළ ත්‍රස්ත ප්‍රහාරයකට සූදානමින් සිට ඇතැයි ඉන්දීය ආරක්ෂක අංශ අනාවරණ කරගෙන තිබෙනවා.

මොවුන් සිව්දෙනා ලංකාවේ පදිංචි ප්‍රදේශ හඳුනාගෙන ඇති බවත් ඉන් දෙදෙනෙකු කොළඹ පදිංචිකරුවන් වන බවත් මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.

ISIS සංවිධානයට සම්බන්ධ මෙම පුද්ගලයන් සිව්දෙනා පසුගිය 20දා ඉන්දියාවේ අහ්මදාබාද් ගුවන්තොටුපළේදි අත්අඩංගුවට ගනු ලැබුවේ ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය විසින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles