සිය පැරණි පෙම්වතිය සමඟ සබඳතාවක් පවත්වාගෙන ගිය බවට උරණ වූ තරුණයකු තවත් තරුණයෙකුගේ ගෙලට තියුණු ආයුධයකින් පහරදී පළා ගොස් ඇතැයි කහතුඩුව පොලිසිය වාර්තා කරනවා.
මෙම සිද්ධියට අදාළ විමර්ශන තුළින් හෙළි වී ඇත්තේ තරුණිය මෙම සැකකරු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර එම සම්බන්ධතාවය මීට මාස කිහිපයකට පෙර නැවැත්වීමෙන් පසු පහර කෑමට ලක් වූ තරුණයා සමග අලුතින් සම්බන්ධතාවයක් ආරම්භ කර ඇති බවයි.
ඒ අනුව පහර කෑමෙන් බරපතල තත්ත්වයේ පසු වූ තරුණයා ප්‍රතිකාර සඳහා වෑතර දිසාරෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය ප්‍රකාශ කරනවා.