අනියම් සම්බන්ධතාවක් හේතුවෙන් ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් පුද්ගලයින් දෙදෙනෙකු හා කාන්තාවන් තිදෙනෙකුට බරපතළ තුවාල සිදු වී ඇති බව වාර්තා වෙනවා.
රාමනාදපුරම්, කල්මඩුනගර් ප්රදේශයේ දී ඊයේ (19) දා මෙම සිදු වී ම වාර්තා වී තිබෙන අතර තුවාලකරුවන් කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර එම තුවාලකරුවන්ගෙන් වැඩිදුර ප්රතිකාර සඳහා දෙදෙනෙක් යාපනය රෝහල වෙත මාරුකරු ඇති බවයි සඳහන් වන්නේ.
මේ සිදුවීමට සම්බන්ධ අවුරදු 28 හා 30 වයස්වල පසුවන පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු හා අවුරුදු 28, 30 හා 50 වයස්වල පසුවන කාන්තාවන් තිදෙනෙකු වන අතර ඔවුන් පලෛයි හා වව්නියාව ප්රදේශවල පදිංචිකරුවන් වන මොවුන් සිදුවීමට අදාළ විමර්ශන තුළින් අනාවරණය වී ඇත්තේ, අනියම් සම්බන්ධතාවක් හේතුවෙන් ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් තියුණු ආයුධවලින් පහරදී ඇති බවයි.
මෙම සිදුවීමට අදාළව රමනාදපුරම් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවත් සිද්ධියට සම්බන්ධ අවුරදු 24, 33 හා 59 වයස්වල පසුවන කිලිනොච්චිය හා වට්ටකච්චි ප්රදේශවල පදිංචි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් සඳහන් වෙනවා.