අද (7) රාත්‍රී 12 සිට පැය 48 ක් තැපැල් වර්ජනයක් ක්‍රියාත්මක වන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර ප්‍රකාශ කරනවා.
වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ පාලනයට ආ කිහිප වතාවේම තැපෑල විකිණීමට උත්සාහ කළ බවත්, කොළඹ මහ තැපැල් කාර්යාලය පවා විකිණීමේ පිඹුරුපත්ද සකසා අවසන් බවත් චින්තක බණ්ඩාර ප්‍රකාශ කළෘ. ජනාධිපතිවරයාට ණය ගෙවීමට බැරි බැවින් ඒ සඳහා ජාතික සම්පත් විකුණන බවයි ඔහු චෝදනා කරන්නේ. ගිය සතියේ ජනාධිපතිවරයා රාජ්‍ය සේවකයින්ට නියෝග දුන් ආකාරය ගැනත් ඔහු දැඩි අප්‍රසාදය පළ කරනු ලැබුවා. අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කර සිටියා.
මෙම විකිණීමේ ක්‍රියාදාමය නොනවතින්නේ නම් අඛණ්ඩ වැඩවර්ජනයකට යන බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ ප්‍රකාශ කරන්නේ.