අමාත්‍යාංශ ලේකම්වරුන් කීපදෙනෙක් සඳහා නව සංශෝධනයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇතැයි බවයි රජයේ ආරංචි මාර්ග පවසන්නේ.
ඒ අනුව අමාත්‍යාංශ ලේකම්වරුන් මාරු කිරීමත් අමාත්‍යංශ ලේකම්වරුන් කිහිප දෙනෙකු ඉවත් කිරීමටත් නියමිත බවයි ඒ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
බංකොලොත් රට ක්‍රම ක්‍රමයෙන් ගොඩ නැගීමට රජය ගෙන යන ආර්ථික සහ සමාජ සුභසාධන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා සහයක් නොදී මන්දගාමී පිළිවෙතක් අනුගමනය කරන අමාත්‍යංශ ලේකම්වරුන් පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහට පැමිණිලි ලැබී ඇති බවයි පැවසෙන්නේ.
ජනතාවට නිසි සේවයක් නොලැබෙන බවට මහජන පැමිණිලි ලැබී ඇති අමාත්‍යංශ ලේකම්වරුන් සම්බන්ධයෙන් මේ වනවිට සමාලෝචනයක් කර තිබෙනවා.