වෛද්‍ය වැටුප් සංශෝධනයක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. ඉදිරි අය-වැයේ දී වෛද්‍යවරුන් සඳහා සැලකිය යුතු වැටප් වර්ධකයක් ලබා දෙන බව ජනාධිපතිවරයා තම සංගමයට පොරොන්දු වූ බව ඔවුන් පැවසුවා.

එම සංගමයේ උපලේකම් හරිත අලුත්ගේ පෙන්වා දුන්නේ, ආර්ථික අර්බුද හේතුවෙන් බොහෝ වෛද්‍යවරු රට හැර යාමට පෙළඹී ඇති බවයි.

රට පුරා විශාල ගණනක් විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් රට හැර ගොස් තිබෙන අතර ප්‍රාදේශීය රෝහල්වල බොහෝ අංශවල පෙර සිටි විශේෂඥ වෛද්‍යවරුන් මේ වන විට පුරප්පාඩුව පවතිනවා. මේ තත්වය දිගටම පැවතුණහොත් දියුණු තත්වයක පැවති මෙරට මහජන සෞඛ්‍ය පද්ධතිය 90 දශකයේ තත්වය දක්වා පසුබසිනු ඇති බවට සමහර විශ්ලේෂකයන් පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles