සති කිහිපයක් පුරා පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ළමුන් අතර හතිය රෝගය වැළඳීම ඉහළ ගොස් ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.
කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ සමඟ හතිය වැළඳීම ඉහළ ගොස් ඇති බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් පවසනවා.
නිසි වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වීමෙන් දරුවන් ආරක්ෂා කිරීමට හැකි බවත්, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ ඇත්නම් දරුවන් පාසල් නොයවන ලෙසත් විශේෂඥ වෛද්‍යවරයා දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා.