රටවල් හයක තානාපතිවරු සහ අනුර අතර හමුවක්

රටවල් 06ක තානාපතිවරු ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඊයේ (06) පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී හමුවුණා.

ඒ පලස්තීන රාජ්‍යයේ තානාපති ආචාර්ය Zuhair M.H. Dar Zaid, තුර්කි ජනරජයේ තානාපතිනි R. Demet Sekercioglu, බංගලාදේශ ජනරජයේ මහකොමසාරිස් Tareq M.D. Ariful Islam , ඉන්දුනීසියානු ජනරජයේ තානාපති Dewi Gustina Tobing, එම තානාපති කාර්යාලයේ ප්‍රධාන කොන්සල් Heru Prayitno, මැලේසියානු මහකොමසාරිස් Badli Hisham Bin Adam, සහ මාලදිවයින් ජනරජයේ වැඩබලන තානාපතිනි Fathimath Ghina යන පිරිසයි.

එම අවස්ථාවට ජාතික ජන බලවේගය වෙනුවෙන් ජාතික විධායක සභික බිමල් රත්නායක, ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජාතික විධායක වෛද්‍ය රිස්වි සාලි සහ ජාතික විධායක සභික මුදිත නානායක්කාර යන අය සම්බන්ධ වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles