ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයින් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර හමුවක්

ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණ තිබෙන විදේශීය නිරීක්ෂකයින් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවත් අද පැවැත්වීමට නියමිතයි.

අද (17) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ දී මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

ජාත්‍යන්තර නිරීක්ෂකයින් සහ මැතිවරණ කොමිෂන් සභා සාමාජිකයින් අතර පැවැත්වෙන පළමු සාකච්ඡාව ද මෙය බව සඳහන්.

නිදහස් මැතිවරණයක් සඳහා වූ ආසියානු ජාලය හෙවත් ඇන්ෆරල් සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මැතිවරණ නිරීක්ෂකයින් මෙම සාකච්ඡාවට සහභාගී වීමට නියමිතයි.

මෙම නිරීක්ෂකයින් හෙට (18) දිනයේ සිට දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවලට මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා යෑමට නියමිත බැවින් ඔවුන් මෙලෙස අද දිනයේ දී මැතිවරණ කොමිෂන් සභා නිලධාරීන් හමුවීමට තීරණය කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles